වැරදුනු ගුරුකම " යකැදුරා එසේත් නැත්නම් ගුරුන්වහන්සේ යනු තමාගේ සියලුම බලපැවත්මවල් තමාගේ ශක්තිය යන සියල්ල තමුන් දන්නා යන්ත් ර මන්ත් ර ගුරුකම් මත පවත්වාගෙන ජීවත්වන පිරිසකි. ඔවුනගේ සියලුම හැකියාවන් රදාපවතින්නේ තමන් ආරක්ෂාකරගෙන පවතින යන්ත් ර මන්ත් ර මතය. සාස්තරේ හරියෑමෙන් තමාගේ සියලු දේ ආරක්ෂාවන්නා සේම ඒ සාස්තරේ වැරදෙන වෙලාවල් ද නැතුවාම නොවේ. නමුත් එවැන්නක් සිදුවුවහොත් බොහෝවිට එයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ ද ගුරුන්වහන්සේටම ය.... " සත් ය කතාවක් ඇසුරිනි... ගුරුන්නාන්සේ.... කරෝලිස් උන්නැහේ... ඉන්නවදෝ....? පිලේ තිබුණු ඇදේ දිගාවී නින්ද නොනින්ද අතර සිටි කරෝලිස් උඩ ගොස් ඇහැරුනේ මේ හඩිනි.. " කවුද බන් පොඩ්ඩක් ඇහැක් පියාගන්න දෙන්නෙ නැතුව මරහඩ ගහන්නේ " කියගෙන කරෝලිස් මිදුලට බැස්සේය.. කඩුල්ල අසල සිටගෙන උන්නේ නොදන්නා කෙනෙකි.. " මොකෝ.. මාව හොයන්නේ ? " අනේ ගුරුන්නාන්සේ.. අපේ ගෙදර පොඩි ඇබැද්දියක් වෙලා. පොඩි එකීට.. ඒකිට මලපෙරේත බැල්මක් වැටිලද කොහෙද. උදේ ඉදන් යටිගිරියෙන් කෑගානව.. නවත්තගන්න බැරිම තැන තමයි මේ ගුරුන්නාන්සේව හොයාගෙන ආවෙ.. " හෙත...